
ඔන්ලයින් ගණුදෙනු සිදුකිරීම සඳහා මෙල්බන් නගරය තුළ ආරක්ෂිත ස්ථාන කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පොලිස් ස්ථාන 24 ක් ආශ්‍රිතව සී සී ටී වී කැමරා පූර්ණව ක්‍රියාත්මක වන අන්දමිනුයි එම ස්ථාන සකස් කර ඇත්තේ.
ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන සහ මිළදී ගන්නා පුද්ගලයන්ට එම ස්ථානවලට පැමිණ ආරක්ෂාකාරීව ගණුදෙනු සිදුකර ගත හැකි වනවා.

ඔන්ලයින් ගණුදෙනු සිදුකරන අතරතුර විවිධ පහරදීම් – මංකොල්ලකෑම් වැනි ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තාවීමත් සමගයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය මෙම පියවරට එළැඹී ඇත්තේ.
විශේෂයෙන් ජංගම දුරකථන අලෙවිකිරීම්වලදී මෙවැනි දරුණු හිංසන අවස්ථා කිහිපයක්ම මෑතකාලීනව වාර්තා වී තිබුණා.
