ස්ථාවර රජයක් නැත්නම් ශ්‍රී ලංකාව අක්‍රීය වේවි – මහ බැංකු අධිපති

ස්ථාවර රජයක් නුදුරේදීම පිහිටුවීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව අක්‍රීය තත්වයකට පත්වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අත්‍යවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් ගෙවීමට විදේශ විනිමය සොයා ගැනීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවයි බී බී සී ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ණය මුදල හිමිවීම පවා දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අඩාල විය හැකි බවටද මහ බැංකු අධිපතිවරයා අනතුරු අගවා සිටිනවා.

මෙම මාසය තුළ ලැබීමට නියමිත ඩීසල් සහ පෙට්‍රල් නෞකා කිහිපයක් සඳහා ගෙවීමට මුදල් ඇති නමුත් ඉන් ඔබ්බට ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයක් බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරන්නේ.

එසේ වුවහොත් සමස්ත රටම අක්‍රීය විය හැකි බවටද මහ බැංකු අධිපතිවරයා පුරෝකථනය කරනවා.

එවැනි තත්වයක් උද්ගත නොවීම පිණිස ජනාධිපතිවරයෙකු – අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත්විය යුතු බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කලේ.

ජනාධිපති ධූරයට පත්වීමට කිසිදු අපේක්ෂාවක් තමන් සතුව නොමැති බවත් කිසිදු දේශපාලන තනතුරක් භාරගැනීමට තමන් තුළ බලාපොරොත්තුවක් නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියා.

ණය මුදල ලබාදීම සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය විසඳෙන තුරු බලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කලේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලට අදාළව ශ්‍රී ලංකා රජයේ නිළධාරීන් සහ ඉහළ පෙලේ නියෝජිතයන් අතර තවදුරටත් අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි.

මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වෙන බවද හැකි ඉක්මණින් ඉහළම මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියාසිටියා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »