නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අතර විභාග වංචා ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවක් හෙළිකරනවා.
පසුගිය වසරේදී එවැනි වංචා 850 ක් පමණ වාර්තා වී ඇති අතර පාසල් 216 ක සිසුන් 734 දෙනෙකු වැරදි සිදුකරන අවස්ථාවලදීම හඳුනාගෙන තිබුණා.
2019 වසරේදී මෙවැනි වැරදි 671 ක් වාර්තා වී තිබූ අතර 2020 දී එය 842 ක් ලෙස පැවතුණා.
අනවසර විද්‍යූත් උපකරණ භාවිත කර පිළිතුරු ලිවීම මේ අතරින් ප්‍රමුඛ වැරැද්දක් වනවා.
වැඩිම පිරිසක් වංචා කර ඇති විශය ඉංග්‍රීසී භාෂාව වන අතර අඩුම පිරිසක් වංචා කර ඇති විශය වන්නේ සංගීතයයි.