Search

Breaking : ජනපති ගෝඨා ඉවත් වෙයි

තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දක්වමින් ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

සිංගප්පූරුවට පැමිණීමෙන් අනතුරුවයි ඔහු මෙම ලිපිය නිකුත් කර ඇත්තේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය දැනට පුරප්පාඩුවී පවතින අතර ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයෙකු තෝරා ගත යුතු වනවා.

පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි පක්ෂ නායකයන් විසින් එකග වී ඇත්තේ.

ඒ අනුව ලබන බදාදා දිනයේදී බොහෝ දුරට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.