ගෝඨා සිංගප්පූරුව හරහා සවුදියට යන බවට වාර්තා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසාන ගමනාන්තය සිංගප්පූරුව නොව සවුදි අරාබිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාලදිවයිනේ සිට සිංගප්පූරුව දක්වා ඔහු ගමන් කරමින් සිටින්නේ සවුදි අරාබි ගුවන් සේවයට අයත් SV 788 ගුවන් යානයෙනුයි.

එතැන් සිට වෙනත් සවුදි ගුවන් යානයකින් ජෙඩා නුවර දක්වා ගමන් කිරීම ඔහුගේ සැලසුම බවයි නම හෙළිකල නොහැකි මූලාශ්‍රයක් උපුටා දක්වමින් AP පුවත් සේවය වාර්තා කලේ.

මේ අතර ජනාධිපතිවරයා ගමන් ගන්නා මෙම ගුවන් යානය මේ වනවිට ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කරමින් පවතින ගුවන් යානය බවට පත්ව තිබෙනවා.

ඒ ලොව පුරා ගුවන් ගමන්වල සජීවී දත්ත ඉදිරිපත් කරන www.flightradar24.com වෙබ් අඩවියට අනුවයි.

මේ අනුව අද දහවල් වනවිට 5000 කට වැඩි පිරිසක් එහි ගුවන් ගමන නිරීක්ෂණය කර ඇති බව සඳහන්.

SV 788 ගුවන් යානය සිංගප්පූරු වේලාවෙන් අද රාත්‍රී 07 ට පමණ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ඇති.

Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »
Latest news

හඳුන්වාදී පැය 48 ක් යාමට පෙර ඉහළම ප්‍රසාදයක් අත්කරගත් ලාංකික ඇගලුම් නාමය

ඔස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වාදී දින 02 ක් ගතවීයාමට මත්තෙන් Chamzz වෙළඳනාමය ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඉහළ ප්‍රසාදයක් හිමිකරගෙන තිබෙනවා.

Read More »