අත්පත් කරගත් ගොඩනැගිලිවලින් ඉවත්වීමට අරගලකරුවන් තීරණය කරයි

ජනාධිපති කාර්යාලය , ජනාධිපති මන්දිරය , අගමැති කාර්යාලය සහ අරලියලගහ මන්දිරයේ ගොඩනැගිලිවලින් ඉවත්වීමට ගාලු මුවදොර අරගලකරුවන් තීරණය කර තිබෙනවා.

එහි දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි ඔවුන් මේ බව දැනුම් දුන්නේ.

තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කරගැනීමට සිදුවූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බවත්, මේ වන විට ජනාධිපතිවරයා රටින් ද පලා ගොස් ඇති බවත් අරගලකරුවන් නියෝජනය කරන ළහිරු වීරසේකර පැවසීය.

අද ඔහු ලොව කිසිම රටක් භාර නොගත් ජනාධිපතිවරයෙක් බවට පත්ව ඇතැයි කී වීරසේකර, රනිල් වික්‍රමසිංහ ද තමන්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් මිනී මරපු නායකයෙක් හා රටට කිසිම දෙයක් නොකළ අගමැතිවරයෙක් ලෙස ඉතිහාසගතවීමට නියමිත බව කීවේය.

අරගලය ආපස්සට නොගෙන අඛණ්ඩව පවත්වාගෙන යන බව කී වීරසේකර මෙම ගොඩනැගිලිවලින් ඉවත්වෙන්නේ ඒවා මහජන දේපල බවට පත්කරලමින් බව ද සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ගාලුමුවදොර පිහිටි ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »