ජනපති තවමත් මාලදිවයිනේ – ඉල්ලා අස්වීම මෙතෙක් නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් මාලදිවයිනේ මාලේ අගනුවර රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නොමැති බවයි.

SQ437 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ මාලේ නුවර සිට සිංගප්පූරුව බලා යාමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බවයි එම පුවත් සේවය වාර්තා කළේ.

කෙසේවෙතත් ආරක්ෂක ගැටළු හේතුවෙන් ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ පරිදි එම ගුවන් යානයේ ගමන් කර නොමැති බව ද එම පුවත් සේවය වාර්තා කර තිබුණා.

ඒ අනුව මාලදිවයිනේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂට සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බව ද වාර්තා වන බවයි මාලදිවයිනේ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ හා තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණේ ඊයේ අලුයමයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි රජයේ වගකිව යුතු කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් තහවුරු කර නැහැ.

ඉකුත් 09 වනදා රට තුළ පැවැති නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු තමන් ජූලි මස 13 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව තමන්ට දැනුම්දුන්නේ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉකුත් දා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඊයේ අලුයම ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව මාලදිවයින බලා ගොස් තිබූ අතර ඒ වනවිටත් කිසිඳු ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබුණේ නැහැ.

පසුව කථානායකවරයා ඊයේ ප්‍රකාශ කළේ ඊයේ දිනය තුළ තමන්ට අදාළ ලිපිය යොමු කරන බවට ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දුන් බවයි.

ඊයේ රාත්‍රියේත් කථානායකවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිත බැවින් එරටට ළගා වූ පසු ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත යොමු කරන බව දන්වා ඇති බවයි.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »