Search

රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් වහා ඉවත් නොවුණහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියාසිටියේ වහා පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා පියවර ගත යුතු බවයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

අරගලයේ නිරත පිරිසට විසදුමක් ලබාදිය හැක්කේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් පමණක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර රනිල් වික්‍රමසිංහ ට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස පක්ෂ නායකයින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ට්විටර් සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කලේ සැලසුම් කර ඇති පරිදි හෙට දිනයේද පාර්ලිමේන්තුව කැඳවීම අවිනිශ්චිත යැයි ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ඉගි පල කල බවයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »