
ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි මහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඊයේ පැවති පාර්ලිමේන්තු සැසියේදීයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.
මේ අතර සාමකාමීව කටයුතු කරන්නැයි සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සන්සුන්ව කටයුතු කරන්නැයි නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් දීර්ඝකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙනෙන විසඳුම් සඳහා කඩිනමින් පියවර ගන්නැයි ද රටේ යහපත උදෙසා කටයුතු කරන්නැයි ද සියලූ පාර්ශවවලට අවධාරණය කරන බව ඇය කියා සිටියා.
සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිවරිය නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා යුතු යැයි ද පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවට අනුව සාමකාමීව බලය හුවමාරු විය යුතු යැයි ද සාමකාමී බලහුවමාරුව අත්‍යවශ්‍ය යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කලා.