Deakin විශ්ව විද්‍යාලයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – සිසුන් 47,000 කගේ තොරතුරු සොරා ගනී

Deakin විශ්ව විද්‍යාලයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී වත්මන් සහ පැරණි සිසුන් 47,000 කගේ පමණ පුද්ගලික තොරතුරු සහ විභාග ප්‍රථිඵල සොරා ගැනීමක් සිදුවී ඇති බව සඳහන්.

විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයෙකුගේ ගිණුමක් යොදාගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

අනතුරුව සිසුන් 9997 දෙනෙකුට Scam ඝනයට අයත් කෙටි පණිවිඩයක්ද යවා ඇති බවයි වාර්තා වන්නේ.

එහි link එක click කිරීමෙන් සිසුන් යොමු කර ඇත්තේ ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර ඇතුලු අතිශය පුද්ගලික තොරතුරු ලබාගන්නා වෙබ් අඩවියක් වෙතයි.

මෙම දෝෂය හැකි ඉක්මණින් නිවැරදි කරන බවයි Deakin විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නිවේදනය කරන්නේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »