ජනපතිට යන්න ගුවන් යානයක් දුන් බව ගුවන් හමුදාව පිළිගනී

ජනාධිපතිවරයාට සහ එම ආර්යාවට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට දිවයිනෙන් බැහැරව මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් යානයක් අද අලුයම ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ගුවන් හමුදාව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව එය සිදුකෙරුණු බවයි.

ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති ආගමන – විගමන / රේගු සහ අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා – ආර්යාව සහ ආරක්ෂකයන් දෙදෙනකු දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන් හමුදාව තහවුරු කරන්නේ.

මේ අතර ජනාධිපතිවරයාට හෝ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ට රටින් පිටත්ව යාම සඳහා ඉන්දියාව විසින් පහසුකම් සැලසූ බවට වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස කාර්යාලය පවසනවා.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් ඉන්දීය රජය තවදුරටත් කැපවී සිටින බවයි ඔවුන් නිකුත් කර ඇති ට්විටර් සටහනක දැක්වෙන්නේ.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »