Search

ගෝඨා පැන්නේ ගුවන් හමුදා යානයකින් – මාලදිවයිනේදී දැඩි විරෝධයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පළාගොස් ඇති බව බී බී සී ය තහවුරු කරනවා.

ජනාධිපතිවරයා අද අලූයම 01 යි 45 ට පමණ මාලදිවයින බලා නික්ම ගොස් ඇති බවයි කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ.

ජනාධිපතිවරයා – ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරියෙකු කටුනායක ගුවන් හමුදා කදවුරෙන් මෙසේ පිටත්ව ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් 32 වර්ගයේ ගුවන් යානයකිනුයි.

අද අලුයම 03 ට පමණ ඔවුන් මාලදිවයිනේ මාලේ අගනුවරට ළගා වී තිබෙනවා.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය වීඩීයෝ පටවල දැක්වෙන්නේ මාලේ ගුවන් තොටුපළ ආසන්නයේදී ඔවුන් රැගත් රථපෙළට එරට සිටින ලාංකික ජනතාවගෙන් දැඩි විරෝධයක් පළවී ඇති බවයි.

මාලදිවයිනේ සිට වෙනත් රටකට පළා යෑම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව විදෙස් වාර්තාවල සඳහන්.

ඊයේ දිනයේදී හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයා ඉල්ලා තිබූ අමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වී ඇති බවයි.

මේ අතර හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද රටින් පළාගොස් ඇති බව බී බී සී ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ඔහු අමෙරිකාව බලා ගමන් කරමින් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඩුබායි හරහා අමෙරිකාව දක්වා ගමන් කිරීමට ඔහු ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණද දැඩි මහජන විරෝධය හමුවේ ආපසු හැරීයාමට බැසිල් රාජපක්ෂට සිදුවී තිබුණා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »