උද්ගතව ඇති දරුණු සේවක හිගය මගහරවා ලීම සඳහා පුහුණු නිපුණතා ශ්‍රමිකයන් ලක්ෂ 02 කට ස්ථිර පදිංචිය පිරිනැමීමේ යෝජනාවක් ෆෙඩරල් රජය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පැවසුවේ ඇතැම් සංක්‍රමණ නීති ලිහිල් කිරීම සඳහා ව්‍යාපාරික අංශ සමග සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වන බවයි.
රජයේ ඉලක්කය වී තිබුණේ 100,000 ක පිරිසකට ස්ථිර පදිංචිය පිරි නැමීම වුවද මේ වනවිට පවතින උග්‍ර සේවක හිගය මගහරවා ලීමට එම සංඛ්‍යාව දෙගුණ කල යුතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙම පුරප්පාඩු අතුරින් 40,000 ක් පමණම සිල්ලර අලෙවි ක්ෂේත්‍රයේ කඩිනමින් පුරවාලිය යුතු රැකියා වනවා.
කිසියම් අයුරකින් මෙම පුරප්පාඩු කඩිනමින් පුරවාලීමට අපොහොසත් වුවහොත් උද්ධමනය හා ඉන්ධන අර්බුදය වැනි සාධක මත ඔස්ටේ්‍රලියා ආර්ථිකය සීඝ්‍ර කඩාවැටීමකට ලක්වනු ඇති බවද ව්‍යාපාරික ප්‍රජව පෙන්වා දී තිබුණා.