ගෝඨාභය අද යයි ද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා අද ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ප්‍රකාශයට පත්කළා.

අරගලකරුවන් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුවයි කථානායකවරයා මේ බව දැනුම් දුන්නේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය පෙරේදා නිවේදනය කලේ පෙර ප්‍රකාශ කළ පරිදි ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නිල වශයෙන් දැනුම් දුන් බවයි.

ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයාට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට වැඩ භාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ හිමිවනවා.

එහෙත් පක්ෂ නායකයන් මෙන්ම පාර්ශව රැසක් අවධාරණය කරන්නේ අගමැතිවරයාද ඉල්ලා අස්විය යුතු බවයි.

අගමැතිවරයාට ජනාධිපති ලෙස ක්‍රියා කිරීමට නොහැකි නම්, මාසයක කාලයක් සඳහා කතානායකවරයාට වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරිමට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන පවතිනවා.

මාසය ඇතුළත පාර්ලිමේන්තුව විසින්, ධුරයෙන් ඉවත් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරි කාලය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගත යුතුයි.

එලෙස ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයා ප්‍රකාශිත ඡන්දවලින් 50% කට වඩා ලබාගත යුතුයි.

ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුනහොත් කථානායකවරයා විසින් ඒ පිළිබඳව විශේෂ නිවේදනයක් අද දිනයේදීම නිකුත් කරනු ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳව දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වනවා.

අද දිනයේදී ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් පාර්ලිමේන්තුව අනිද්දා කැඳවන අතර ජනාධිපති ධුරය සදහා නාමයෝජනා භාර ගැනීම ලබන 19 වනදා සිදුවනවා.

එහිදී එක් නමකට වඩා නාමයෝජනා ඉදිරිපත් වුවහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුවනවා.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »