Search

මෙල්බන් නීති විරෝධී ගිනි අවි වැටලීමේ මෙහෙයුමක්

මෙල්බන් නගරයේ භාවිතවන නීති විරෝධී ගිනි අවි වැටලීමේ මෙහෙයුමක් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෑතකාලීනව ගිනි අවි සම්බන්ධ ක්‍රියාකාරකම් ඉහළයාම ඊට හේතුවයි.

විශේෂයෙන් අපරාධ කල්ලි අතර ගැටුම් ඉහළයාමත් සමග අනවසර ගිණි අවි භාවිතය ඉහළ ගොස් ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

පුද්ගලික ආරාවුල් මත සිදුකරන වෙඩි තැබීම්වලද වර්ධනයක් දක්නට ලැබෙන බව වික්ටෝරියා පොලිසිය සඳහන් කරනවා.

ඊයේ පෙරවරුවේත් මෙල්බන් හි නෝබල් පාක් ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »