
සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා.
ඒ ඔස්ටේ්‍රලියාවට එරෙහි 02 වන ටෙස්ට් තරගයේදීයි.
පන්දු 316 කදී 04 පහර 16 ක් සහ 06 පහර 05 ක් සමගින් ඔහු ළකුණු 200 සීමාව ඉක්මවා ගියා. මේ අතර ශ්‍රී ලංකා පළමු ඉණිම ළකුණු 554 කට අවසන් වුනා.

දිනේෂ් චන්දිමාල් නොදැවී 206 යි. දිමුත් කරුණාරත්න 86 යි.
කුසල් මෙන්ඩිස් 85 ක් ලබාගත්තා.

මිචෙල් ස්ටාර්ක් ළකුණු 89 කට කඩුලු 04 ක්ද මිචෙල් ස්වප්සන් ළකුණු 103 කට කඩුලු 03 ක්ද බිඳ හෙලුවා.
ඔස්ටේ්‍රලියා 02 වන ඉණිම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.