ගුවන් ටිකට්පත් ගාස්තු සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි

ගෝලීය ඉන්ධන මිළ ඉහළයාමත් සමග ගුවන් ටිකට්පත් ගාස්තු සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය අනතුරු අගවනවා.

යුක්රේන – රුසියා අර්බුදය අවසන් නොවීමද ඊට තවත් හේතුවක් බවයි සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් විලී වොල්ෂ් පෙන්වා දෙන්නේ.

තවත් මාස කිහිපයකින් උතුරු අර්ධ ගෝලයට ශීත සෘතුව එළැඹීමත් සමග ගුවන් ටිකට්පත් ගාස්තු කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇති බව ඔහු සඳහන් කරනවා.

මේ අතර ලොව පුරා රටවල් ගණනාවක ගුවන් තොටුපළවල සිදු කෙරෙන අවලංගු කිරීම් ඉහළ යනු ඇති බවද විලී වොල්ෂ් අනාවැකි පළකරනවා.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීම ඊට හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »