
ඩොලර් මිලියන 25 ක මුදලක් වියදම් කර සිඩ්නි වරාය පාලමේ තවත් කොඩි කණුවක් ස්ථාපිත කිරීමේ සැලසුම අත්හැර දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
යෝජනා වී තිබුණේ දැනට පවතින ඔස්ටේ්‍රලියා ජාතික කොඩිය සහ නිවු සවුත් වේල්ස් ධජය ට අමතරව 03 වන කොඩි කණුවක්ද පිහිටුවීමටයි.
එහි ඇබොරිජින් කොඩිය ස්ථාපිත කිරීම සැළසුම වී තිබුණා.

කෙසේවෙතත් ඒ සඳහා ඩොලර් මිලියන 25 ක් වැනි අධික මුදලක් වැයවීම පිළිබඳව බොහෝ පිරිසක් අප්‍රසාදය පළකිරීම හමුවේ මෙම යෝජනාව අතහැර දැමීමටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.
ඒ වෙනුවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත ධජය එතැනින් ඉවත් කර ඇබොරිජින් කොඩිය එම ස්ථානයේ ස්ථාපිත කිරීමටයි මේ වනවිට යෝජනා වී ඇත්තේ.
