ඉල්ලා අස්වන බව ජනපති අගමැතිට නිල වශයෙන් දන්වයි

පෙර දැනුම් දුන් පරිදි ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ බව සඳහන් කලා.

පසුගිය සෙනසුරාදා දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ට දන්වා තිබුණේ අනිද්දා එනම් බදාදා සිට තමන් ඉල්ලා අස්වන බවයි.

පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඊයේ පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් පැහැදිලි කිරීමක් සිදුකලා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඔහුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට යොමු කළ යුතු බවයි.

එවිට ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයාට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇති බවද සභාපතිවරයා සඳහන් කලා.

අගමැතිවරයාට ජනාධිපති ලෙස ක්‍රියා කිරීමට නොහැකි නම්, මාසයක කාලයක් සඳහා කතානායකවරයාට වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරිමට ප්‍රතිපාදන පවතිනවා.

එම මාසය ඇතුළත පාර්ලිමේන්තුව විසින් ධුරයෙන් ඉවත් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරි කාලය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගත යුතු බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කලා.

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »