ඔස්ටේ්‍රලියාවේ රැකියා පුරප්පාඩු 13.8 % කින් ඉහළට

පසුගිය මැයි දක්වා ගෙවුණු මාස තුන තුළ ඔස්ටේ්‍රලියාවේ රැකියා පුරප්පාඩු 13.8 % කින් වැඩි වී තිබෙනවා.

පුද්ගලික අංශයේ පුරප්පාඩු 439,100 ක් වූ අතර රාජ්‍ය අංශයේ පුරප්පාඩු 41,000 ක් මෙම කාල සීමාවේදී වාර්තා වී ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලා.

වැඩිම රැකියා පුරප්පාඩු අනුපාතයක් වාර්තා කර ඇත්තේ Northern Territory විසිනුයි.

දෙවැනියට වැඩිම රැකියා අනුපාතයක් ඇති ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය සටහන් වනවා.

වික්ටෝරියා ප්‍රාන්තය මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇති අතර එහි අනුපාතය 27.3% ක්.

ප්‍රමාණාත්මකව ගත් කළ වැඩිම රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානවලට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු ඇති රැකියා ක්ෂේත්‍රය ලෙස සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍ර දැක්වෙන අතර නවාතැන් සහ ආහාර සේවා එම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව තිබෙනවා.

වෘත්තීමය රැකියා, විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා තුන්වන ස්ථානයේයි පසුවන්නේ.

-ABS/SBS

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »