සැලකිලිමත් වන්න! ඕස්ට්‍රේලියානු රජය ලෙස පෙනී සිටින කොරෝනා වයිරසයේ සම්බන්ධතා (Contract tracing) ගැන වංචනික කෙටි පණිවිඩ ජාවාරමක්

සැලකිලිමත් වන්න! ඕස්ට්‍රේලියානු රජය ලෙස පෙනී සිටින කොරෝනා වයිරසයේ සම්බන්ධතා (Contract tracing) ගැන වංචනික කෙටි පණිවිඩ ජාවාරමක්
New scam text message impersonates Australian government COVID-19 contact tracers

COVID-19 සම්බන්ධතා ලුහුබැඳීම් සිදුකරන රජය මෙන් පෙනී සිටින නව වංචා කෙටි පණිවිඩයක් සඳහා අවදියෙන් සිටින ලෙස ඕස්ට්‍රේලියාවේ පාරිභෝගික නිරීක්ෂණ කණ්ඩායම නිවැසියන්ට අනතුරු අඟවයි.

කෙටි පණිවුඩය ලබන්නන්ට අනතුරු අඟවන්නේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ COVID-19 ආසාදනයක් අනාවරණය වී ඇති බවයි.

ඉන්පසු එම පණිවිඩයේ හෙට දිනයේ යාමට වඩාත්ම භයානක ස්ථාන පෙන්වන සිතියමකට link එකක් සඳහන් වේ.

“නවතම COVID19 තේමාව යටතේ රජය ලෙස පෙනී සිට කරන මෙම වංචාව ගැන පරෙස්සම් වන්න,” ස්කෑම් වොච් අනතුරු අඟවයි.

“මෙවැනි කෙටි පණිවිඩයක් ලදහොත් වහාම එය ඉවත් කරන්න. කිසිසේත්ම ඔවුන් සඳහන් කරන link එක ක්ලික් නොකරන්න.”

“මෙවැනි වංචනිකයින් ඔබගේ බැංකු ගිණුම් විස්තර, පෞද්ගලික තොරතුරු සහ අනෙකුත් දෑ ලබා ගැනීමට උත්සාහ දරනු ඇත.”

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »