
ප්රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ බන්ධුල ගුණවර්ධන එම ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කරනවා.
ඔහු ඒ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියා.
එමෙන් ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා කරන්නේ.

ඔහු විසින් නිකුත් කළ ෆේස්බුක් සටහන පහතින් :
සමස්ත ලාංකීය බහුතර ජනතාවගේ සහ ආගමික නායක උතුමන්ලාගේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන බැවින් මා මෙතෙක් දැරූ ප්රවාහන,මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ධූර වලින් හා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්රීවරයකු වශයෙන් මේ පවත්නා ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට මාගේ ශක්ති ප්රමාණයෙන් දායක වීමට අපේක්ෂා කරමි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන,
පාර්ලිමේන්තු මන්ත්රී.