
ජනාධිපතිවරයාට – අගමැතිවරයාට සහ සමස්ත ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බලකරමින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වනවිට කොළඹ නගරයට පැමිණ සිටිනවා.
ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා පැවැත්වෙන අතර කොටුව දුම්රිය පොළ / ජනාධිපති මන්දිරය සහ කොළඹට ඇතුලුවන ස්ථාන රැසක උද්ඝෝෂණ පැවැත්වෙනවා.
ගාලූ මුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භූමියට දිවයිනේ ප්‍රදේශ රැසකින් ජනතාව පැමිණෙමින් සිටින බවයි වාර්තාකරුවන් සඳහන් කර සිටියේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පැමිණිමට නොහැකි ඇතැම් පුද්ගලයින් පා ගමනින් ද ගෝල්ෆෙස් අරගල භූමියට පැමිණෙමින් සිටින බවද වාර්තා වනවා.
කොළඹ කොටුවේ චැතැම් වීදියේ විරෝධතාවයක නිරත අරගලකරුවන් පිරිසකට පොලිසිය අද පෙරවරු 10 යි 30 ට පමණ අවස්ථා 02 කදී කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් අපහසුතාවයට පත්වූ බව සඳහන්.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඒ, කොළඹ යෝක් වීදිය අවහිර කරමිනුයි
වාර්තාකරු පැවසුවේ, සිසුන් ඊයේ රාත්‍රිය පුරා එම ස්ථානයේ රැදී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත්වන්නැයි බල කරමින් විරෝධය පලකරමින් සිටි බවයි.
නීතිඥයන් විශාල පිරිසක් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලින් ගමන් ආරම්භ කර ගාලු මුවදොර පිටිය දක්වා පැමිණියේ පා ගමනිනුයි.
නීතීඥ සංගම් රැසක සාමාජිකයන් ඊට එක්ව සිටියා.