බුද්ධිමත්ව කටයුතු කරන්නැයි ජනපති ඉල්ලයි

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් බවත් පවතින අර්බුදකාරී තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබෙනවා.

පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙළ ඉතා කණගාටුදායක බවත් පවතින සැබෑ තත්ත්වය නිසිලෙස අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසු නොවී සාමකාමීව හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අත්‍යාවශ්‍ය ඖෂධ තොග මේ වන විටත් ලැබී ඇති බවත් පොහොර මෙටි්‍රක් ටොන් 44,000ක් රැගත් නෞකාව හෙට දිවයිනට ළඟා වන බවයි.

ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිත බවත් ආහාර හිඟයක් ඇති නොවීමට සියලු කටයුතු යොදා ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

ජාත්‍යන්තර  අරමුදල සමග සාකච්ඡා ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත එම ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »