
හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ රටින් පිටව ගොස් තිබේ.
ඇය ඇයගේ දරුවා සමඟ සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත් ගොස් ඇතැයි වාර්තා වෙයි.
සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානාවකින් ඇය කටුනායක ගුවන්තොටුපලන් මෙසේ පිටත්ව ගොස් ඇත.

ඇය ගුවන් තොටුපළට ඇතුළුවීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ගුවන් තොටුපල වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ ගත වීම සඳහා කටයුතු සූදානම් කරමින් ඇති බව අන්තර්ජාල මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

කොළඹ මූලික කරගෙන පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ඒ මහතා මෙසේ විදේශ ගත වනු ඇතැයි එම වාර්තාවන් සඳහන් කර ඇත.
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු සඳහන් කළේ ජනාධිපතිවරයා මේ මොහොතේත් ශ්‍රී ලංකාවේ සිටින බවත් විදේශගතවීම සඳහා සූදානමක් නැති බවත්ය.
ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ලෙස බලකරමින් විරෝධතා සංවිධානය කර ඇත.