ශ්‍රී ලංකා ජනපති – අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බලකර අද ලොව පුරා විරෝධතා

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා – අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බලකරමින් රටම කොළඹට යන මැයෙන් විරෝධතා මාලාවක් අද දිවයින පුරා පැවැත්වෙනවා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තිකයින් ඇතුලු මහජනතාව විශාල පිරිසක් අද කොළඹ ගාලුමුවදොර පිටියට ඒ අනුව රැස්වීමට නියමිතයි.

මීට සමගාමීව සියලුම නගරවලද විරෝධතා සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් පාලනයට වහා ඉවත් වන්නැයි බලකරමින් රට පුරා පැවැත්වෙන විරෝධතා සඳහා සහය දක්වමින් ඔස්ටේ්‍රලියාවේ සියලු ප්‍රධාන නගරවලද උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විසිනුයි එම විරෝධතා සංවිධාන කර ඇත්තේ.

මෙල්බන් විරෝධතාවය පස්වරු 03 ට වික්ටෝරියා හි ස්ටේට් ලයිබ්‍රි අසලදී ආරම්භ වනවා.

සිඩ්නි උද්ඝෝෂණය පස්වරු 02 ට මාර්ටින් පෙදෙසේ අංක 22 දරන ස්ථානයේ වෝටර් ෆවුන්ටන් අසලදී පැවැත්වෙනු ඇති.

පර්ත් විරෝධතාවය නැගෙනහිර පර්ත් හි ඇඩිලේඩ් ටෙරස් හි අංක 01 දරන ස්ථානයේ ඕසෝන් රිසර්ව් අසලදී ආරම්භ කෙරෙන බව සංවිධායකයන් කියාසිටියා.

බ්‍රිස්බන් විරෝධතාවය පස්වරු 03 ට ජෝර්ජ් වීදියේ අංක 144 ස්ථානයේ ක්වීන්ස් ගාර්ඩ්න් හිදී ආරම්භ වනවා.

ඇඩිලේඩ් උද්ඝෝෂණය පස්වරු 03 ට Tarntanyangga හි වික්ටෝරියා චතුරස්‍රයේදී ආරම්භ කෙරෙනවා.

මෙම විරෝධතාව සංවිධාන කරනු ලබන්නේ ඔස් – ලංකා ජන සහයෝගිතාවය විසිනුයි.

Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »
Latest news

හඳුන්වාදී පැය 48 ක් යාමට පෙර ඉහළම ප්‍රසාදයක් අත්කරගත් ලාංකික ඇගලුම් නාමය

ඔස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වාදී දින 02 ක් ගතවීයාමට මත්තෙන් Chamzz වෙළඳනාමය ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඉහළ ප්‍රසාදයක් හිමිකරගෙන තිබෙනවා.

Read More »