එංගලන්තේ බොරිස් ජොන්සන් යුගයේ අවසාන දිනය අද ???

එක්සත් රාජධානියේ දේශපාලන අස්ථාවරභාවයේ උච්ඡතම අවස්ථාවක් මතුව ඇති බව වාර්තා වේ.

මේ වන විට එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ගොඩ නැඟෙන විරෝධය එන්න එන්නම උත්සන්න වෙමින් පවතී.

එරට රජයේ අක්‍රමිකතා හමුවේ මේ වන විට බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජයෙන් ඉල්ලා අස්වී ඇති කැබිනට් මණ්ඩල සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සංඛ්‍යාව 50 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා තම ධුරය රැකගැනීමට දැඩි වෙහෙසක් දරන බව වාර්තා වන අතර,

මෙම අර්බුදයේ නාට්‍යානුසාර ජවනිකාවක් ලෙස මීට දින දෙකකට පෙර ඔහුගේ නව චාන්සල්වරයා ලෙස පත්කළ නදිම් සහවි ද ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසා තිබේ.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »