
ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතද අනිවාර්ය කෙරෙන ළකුණු පළවී තිබෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසාන තීරණයක් ගෙන නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ඊයේ දිනයේ සිට විදෙස් සංචාරකයන්ට එන්නත්කරණයෙන් තොරව ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි වීමත් 04 වන කොවිඩ් රැල්ලක් ආරම්භවීමත් මෙහිදී සැළකිල්ලට ගෙන තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් ද ඊයේ දිනයේ නිවු සවුත් වේල්ස් හිදී මෙවැනි ඉගියක් පළකර තිබුණා.
දැනට ඔස්ටේ්‍රලියාව තුළ 04 වන එන්නත ලබාදෙනුයේ වයස අවුරුදු 65 ට වැඩි අයට පමණයි.

ජූලි අග – අගෝස්තු වනවිට කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළ යනු ඇති බවටද මේ අතර අනතුරු ඇගවෙනවා.