
අගය ඉහළ දැමීමට සමගාමීව පොළී අනුපාත ඉහළ දමන ලද පළමු බැංකුව බවට කොමන්වෙල්ත් බැංකුව පත්වී තිබෙනවා.
ඔවුන් අද නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ සියලු නිවාස ණය පොළී අනුපාත සියයට 0.5 කින් වැඩි කිරීමට තීරණය කල බවයි.
ලබන 15 වනදා සිට එය බලාත්මක වන බවද කොමන්වෙල්ත් බැංකුව ප්‍රකාශ කලා.

ඒකක 50 කින් පොළී අනුපාත වැඩි කිරීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඊයේ ගනු ලැබු තීරණයට සමගාමීවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එක් එක් නිවාස ණය යෝජනා ක්‍රම සඳහා අය කරන නව පොළී අනුපාත ලබන 15 වනදායින් පසු ප්‍රකාශයට පත් කරන බවද කොමන්වෙල්ත් බැංකුව සඳහන් කරනවා.
