අගමැති ජලගැලීම් ප්‍රදේශවල සංචාරයක – හෙට සිට වන්දි මුදල්

ජලගැලීම්වලින් දැඩි බලපෑම් එල්ලවූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ LGA 23 ක වාසය කරන ජනතාවට සහන වන්දි මුදල් අයදුම් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කලේ හෙට පස්වරු 02 සිට ඒ සඳහා අයදුම් කිරීමට හැකි වන බවයි.

මේ අනුව වැඩිහිටි අයෙකුට ඩොලර් 1000 ක් සහ ළමයෙකුට ඩොලර් 400 ක් ලෙස වන්දි ලබාගත හැකියි.

ජල ගැලීම් හමුවේ පීඩා පැමිණි – දේපළ හානි වූ – ආසන්නම ඥාතියෙකු මියගිය හෝ තුවාල ලැබූ ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කල හැකි වනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් මේ බව නිවේදනය කලේ ජල ගැලීම්වලින් හානි සිදුවු ප්‍රදේශවල අද පෙරවරුවේ සංචාරයකට එක්වෙමිනුයි.

අදාළ LGA 23 පහත පරිදියි :

  • Blacktown
  • Blue Mountains
  • Camden
  • Canterbury Bankstown
  • Campbelltown
  • Central Coast
  • Cessnock
  • Fairfield
  • Georges River
  • Hawkesbury
  • Hornsby
  • Kiama
  • Lithgow
  • Liverpool
  • Northern Beaches
  • Penrith
  • Shellharbour
  • Shoalhaven
  • Sutherland
  • The Hills
  • Wingecarribee
  • Wollondilly
  • Wollongong

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »