
ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාතික ඉහළ දැමීම හරහා නිවාස ණය ගෙවන්නන්ට වසර 20 කට පමණ පසු ඉහළම බලපෑමක් එල්ල වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
රටේ සමස්ත ජනගහණයෙන් සියයට 45 ක් පමණ මේ වනවිට උකස් ණය ගෙවමින් සිටීම එහි බලපෑම වඩාත් උග්‍ර කරවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පෙට්‍රල්, සිල්ලර බඩු, විදුලිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල කැපී පෙනෙන ලෙස ඉහළගොස් ඇති වාතාවරණයක සැළකිය යුතු මුදලක් නිවාස ණය ගෙවීම වෙනුවෙන් වෙන් කිරීමට මේ අනුව සිදුවන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කියාසිටියා.

ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාතිකය 0.5% කින් ඉහළ දැමීමට මධ්‍යම බැංකුව ඊයේ තීරණය කලා.
ඒ අනුව පෙර පැවති 0.85% පොළී අනුපාතය 1.35% ක් දක්වා ඉහළ යනු ඇති.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා ඔස්ටේ්‍රලියාවේ මධ්‍යම බැංකුව විසින් පොළී අනුපාතික ඉහළ දැමූ තුන්වන අවස්ථාව මෙයයි.
2022 මැයි මාසයේදී 0.1% ක්ව තිබූ පොළී අනුපාතිකය 0.35% දක්වාත් පසුගිය ජුනි මාසයේ එය 0.85% ක් දක්වාත් ඉහළ දමනු ලැබුවා.
ගෝලීය උද්ධමනය මෙලෙස පොළී අනුපාතිකය ඉහළ දැමීමට ප්‍රධාන හේතුව බවයි ඔස්ටේ්‍රලියාවේ මධ්‍යම බැංකුවේ අධිපතිවරයා සඳහන් කලේ.