
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව සෞඛ්‍ය සායන 26 ක් ඉදි කිරීම සඳහා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 54 ක මුදලක් වෙන් කර තිබෙනවා.
විශේෂයෙන් ඇදුම – නියුමෝනියා සහ Flu වැනි රෝගවලින් පෙළෙන රෝගීන් රෝහල් වෙත යොමුවීමෙන් ඇතිවන තදබදය වලක්වාලීමයි මෙහි අරමුණ වන්නේ.
කොවිඩ් සහ වෙනත් වසංගත රෝග තත්වයකදී වෛද්‍යවරුන් – හෙදියන් වැනි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත පැටවෙන අමතර පීඩනය ඉවත් කිරීමද තවත් අරමුණක් වනවා.

මෙම සායන අතුරින් 24 ක් මෙල්බන් නගරයේ ස්ථාපිත කර ඇති අතර අනෙක් 02 ප්‍රාදේශීය කලාපවල පිහිටුවා තිබෙනවා.
මේ අනුව මෑත කාලීනව වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පිහිටුවන ලද සමස්ත සෞඛ්‍ය සායන සංඛ්‍යාව 53 ක් දක්වා ඉහළ යනු ඇති.
