
තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට ලක්වී තිබෙනවා.
ඒ 330 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන ඊයේ රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලූම් තොගයක් රැගෙන එය ඊයේ රාත්‍රී 11.30 ට පමණ නැවතත් කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමින් තිබියදීයි මෙම අනතුරට ලක්වී ඇත්තේ.

මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලූමක් නිසි පරිදි තිරිංග නොයොදා අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව එම බහාලූම ගුවන් යානයේ ඇංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණා.
හානියට පත් වූ ඇංජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මේ වනතෙක් ගෙන නැතැයි ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කලා.
