
ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රණල ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ටේරලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග අද පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලූව පිළිබඳ ඕස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් පසුවන බව මෙහිදී සඳහන් කෙරුණා.

තනි රටක් මෙරටට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50 ක් එරටින් පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කලා.

නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි සඳහන් කලා.