ලංකාවේ උද්ධමනය 117 %ක් – අමෙරිකාවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයෙක් කියයි

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයක් අභියස සිටින බව අමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ (Steve Hanke) පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 117 %ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ශ්‍රී ලංකාවට ඇපදීමේ ණය ක්‍රමවේදය ප්‍රතික්ෂේප කර ඇති අතර, අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරගැනීමට වැඩසටහන් 16ක් සම්පාදනය කර දී තිබූ බව ද හෙතෙම පවසනවා.

එහෙත් ශ්‍රී ලංකා බලධාරින් කිසිවෙකු එම වැඩසටහන් ක්‍රියාත්මක කර නොමැති බවයි ආර්ථික විද්‍යාඥවරයා කියා සිටින්නේ.

එමෙන්ම ජුනි මාසයේ දින 30ක කාලය තුළ වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට පසුව අවම මට්ටමක දියුණුවක් ඇති වැඩිම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා.

ඒ උද්ධමනය සියයට 117ක් ලෙස සටහන් කරමින්. තුන්වැනි තැන හිමිව ඇත්තේ තුර්කියටයි.

https://twitter.com/steve_hanke/status/1543690541942145024?s=20&t=L88z1Du6-M6uZadtQgK0zw

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »