මෙල්බන් පාසලක 07 හැවිරිදි දරුවෙකු අමතක වී දමා යාම ගැන විමර්ශනයක්

මෙල්බන් ප්‍රාථමික පාසලක බාහිර ක්‍රියාකාරකම් අතරතුරදී 07 හැවිරිදි කුඩා දරුවෙකු අමතක වී දමා යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Dingley Village Primary පාසල විසින් මෙම ක්‍රියාකාරකම සංවිධාන කර ඇත්තේ පසුගිය බදාදා යි.

ළමුන් 40 ක් පමණ සඳහා රැගෙන යාමට සූදානම් කර තබා ඇතත් විලියම් නම් 07 හැවිරිදි දරුවා බස් රථයට නංවා ගැනීමකින් තොරව එය පිටත්ව ගොස් තිබෙනවා.

පැය 02 කට ආසන්න කාලයක් ඔහු කිසිදු අධීක්ෂණයකින් තොරවයි කාලය ගත් කර ඇත්තේ.

අදාළ ස්ථානයට යාමෙන් අනතුරුව කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් සිසුන් සංඛ්‍යාව ගණන් කිරීමෙන් පසුවයි එක් සිසුවෙකු පාසලේ දමා පැමිණ ඇති බව වටහාගෙන ඇත්තේ.

වහා ගුරුවරයෙකු පාසලට පැමිණ ඇති අතර සිසුවා නිරුපද්‍රිතව සිටිනු දැක තිබෙනවා.

අදාළ විමර්ශනය අවසන් වන තුරු ගුරුවරුන් 04 දෙනකු සේවයෙන් ඉවත්ව සිටිනවා.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »