පැය කිහිපයක් තුළ මෙල්බන් ස්ථාන 02 ක සිදුවීම්වලින් පොලිස් මෝටර් රථ 05 කට හානි

පැය කිහිපයක් ඇතුළත මෙල්බන් නගරයේ ස්ථාන 02 ක සිදුවීම්වලින් පොලිස් මෝටර් රථ 05 කට හානි සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් මෙහිදී කිසිදු පොලිස් නිළධාරියෙකු තුවාල ලබා නොමැති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මෙල්බන් Frankston හිදී තරුණයෙකු පැදවූ මෝටර් රථයක් හා ගැටීමෙන් පොලිස් මෝටර් රථ 03 කට හානි සිදුවී තිබුණා.

Cranbourne West පදිංචි 21 හැවිරිදි අදාළ තරුණයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති අතර ඔහුගේ මෝටර් රථයේ තිබී කොකේන් කිසියම් ප්‍රමාණයක්ද හමුවී ඇතැයි පොලිසිය සඳහන් කලා.

අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුලු චෝදනා 11 ක් මොහුට එරෙහිව ගොණු කර තිබෙනවා.

මේ අතර මෙල්බන් CBD හි La Trobe වීදීයේදී මෝටර් රථයක ගැටීමෙන් තවත් පොලිස් මෝටර් රථ 02 කට හානි සිදුවි තිබෙනවා.

28 හැවිරිදි අදාළ රියදුරා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »