බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය තවත් 51 ක් අල්ලයි

BOAT NAVY

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් 51 දෙනෙකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුකල සෝදිසි මෙහෙයුමකදීයි බහුදින ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

වැඩිහිටි පිරිමි පුද්ගලයන් 41 ක්, වැඩිහිටි කාත්තාවන් 05 ක් සහ ළමුන් 05 ක් ඒ අතර වුණා.

ඒ අනුව, වයස අවුරුදු 05 ත් 56 ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කලා.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »