
පවතින දැඩි වර්ෂාධික කාළගුණ තත්වය ලබන අගහරුවාදා පමණ දක්වා පැවතිය හැකි බවට නිවු සවුත් වේල්ස් කාළගුණ අංශ අනතුරු අගවනවා.
Newcastle සිට Batemans Bay දක්වා වන ප්‍රදේශයේ ජනතාව ජල ගැලීම් අනතුරු නිවේදන සම්බන්ධයෙන් වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතුයි.
ඊයේ රාත්‍රිය පුරා Camden, Woronora, Chipping Norton, Georges Hall, Lansvale, Moorebank, Warwick Farm, Penrith and Emu Plains යන ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

NSW State Emergency Service (SES) වෙත පසුගිය පැය 24 පුරා දුරකථන ඇමතුම් 1400 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද සඳහන්.
ඒ අනුව ජීවිත 29 බේරා ගැනීමට හැකිවී තිබෙනවා.
