බදු සහනය දීර්ඝ නොවෙයි – ඔස්ටේ්‍රලියාවේ පෙට්‍රල් මිළ කැපී පෙනෙන ලෙස වැඩිවන හැඩ

ලබන සැප්තැම්බර් මාසයෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ගණන් කැපී පෙනෙන අගයකින් වැඩි වනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ දැනට පෙට්‍රල් ලීටරයක් සඳහා ලබාදී ඇති සත 22.1 ක බදු සහනය තවදුරටත් දීර්ඝ නොකිරීමට ෆෙඩරල් රජය ගෙන ඇති තීරණයත් සමගයි.

අධික ජීවන බර සඳහා එක් විසඳුමක් ලෙස පසුගිය මාර්තු මාසයේ ඉදිරිපත් වූ අයවැය යෝජනාවලියෙන් නිර්දේශ කෙරුණේ පෙට්‍රල් මත පනවා ඇති සත 44.2 ක බද්දෙන් අඩක් පමණක් මාස 06 ක් සඳහා ජනතාවගෙන් අය කිරීමටයි.

එය සැප්තැම්බර් මාසයේදී අවසන් වන අතර රජයට දැරීමට සිදුව ඇති අධික ණය බර / ආර්ථික ගැටලු / රුසියානු යුක්රේන අර්බුදය වැකි කරුණු මත එම සහනය තවදුරටත් දීර්ඝ කිරීමට රජයට හැකියාවක් නොමැති බවයි භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාර්මර්ස් පවසන්නේ.

මේ වනවිට පෙට්‍රල් ලීටරයක ජාතික මට්ටමේ මිළ සටහන් වන්නේ ඩොලර් 2.11 ක් ලෙසයි.

 

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »