නාමල්ගේ ආණ්ඩු පෙරළන යෝජනාව හබක් වෙයි

පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා හරහා මෙම යෝජනාව එම පක්ෂ වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී පක්ෂ නායකයන් විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර පවතින අර්බුදයට රාජපක්ෂලාද වග කිය යුතු බැවින් ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු කළ නොහැකි බව පක්ෂ නවයේ අදහස වී ඇත.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

(Lankadeepa)

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »