
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුලු 03 දෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ඔවුන් 03 දෙනා තුවාල ලබා ඊයේ රාත්‍රියේ අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරත් සමග වාහනය මතට අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බව සඳහන්.
අනුරාධපුර තලාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එක්ව තුවාලකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන්ගේ තත්වය බරපතල නැතැයි සඳහන්.
