
වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු නිවාස සඳහා විදුලි බිලට එක වරක් පමණක් හිමිවන ඩොලර් 250 ක වට්ටම ලබාදීම අද සිට බලාත්මක වනවා.
වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ එමගින් ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 250 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවයි.
කෙසේවෙතත් ඉහළ යන ජීවන බර පිළිබඳ අවධානය යොමුකර මෙම සහනය ලබාදීමට කටයුතු කරන බවද අගමැතිවරයා සඳහන් කලා.

ලබන වසරේ ජූනි 30 වනදා මෙම වැඩසටහඑන ක්‍රියාත්මක වනවා.
සියලු වික්ටෝරියාවාසීන් මීට සුදුසුකම් ලබන නමුත් අදාළ දීමනාව ලබාගැනීම සඳහා ඔවුන් https://compare.energy.vic.gov.au/ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුයි.

බැංකු ගිණුමටම අදාළ මුදල බැර වනු ඇති.