ශ්‍රී ලංකාවේ සිටින​ සංචාරක රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කෙරේ.

ශ්‍රී ලංකාවේ සිටින​ සංචාරක රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කෙරේ.
Tourist drivers are required to register and receive training in Sri Lanka.

ශ්‍රී ලංකාවේ සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කර තිබේ.

ශ්‍රී ලංකාව​ට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතිබෙන බවයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත්තේ.

තවද​, කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරක මාර්ගෝපදේශ රියදුරන් සූරාකෑම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවධානය යොමුව තිබෙන බවත් ඒ හරහා සංචාරකයන්ට සිදුවන පීඩාවන් නැති කිරීමට කටයුතු කරන බවත් සඳහන්.