Short-term skilled visa ලාභීන්ට ඔස්ටේ්‍රලියාවේ PR ගැනීමට ඇති පහසුකම් අද සිට තවත් ඉහළට

වීසා උප කාණ්ඩ 482 යටතේ short-term skilled visa ලාභීන්ට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචි වීසා ලබාගැනීමට ඇති පහසුකම් අද සිට තවත් ඉහළ දමා තිබෙනවා.

මේ අනුව කොවිඩ් වසංගතය පුරාවට ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටි short-term skilled visa ලාභීන්ට Employer Nomination Scheme යටතේ 186 වීසා කාණ්ඩය සඳහා Temporary Residence Transition ක්‍රමය යටතේ ස්ථිර පදිංචිය සඳහා අයදුම්කල හැකි වනවා.

ඒ සඳහා short-term skilled visa වීසා ලාභියෙකු විසින් සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක්ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කලා.

2020 වසරේ පෙබරවාරි 01 වනදා සිට 2021 දෙසැම්බර් 14 වනදා දක්වා කාලය තුළ මෙරට රැඳී සිට තිබීම සහ Temporary Residence Transition ක්‍රමය යටතේ අයදුම් කිරීමට අදාළවන අනෙකුත් කොන්දේසි සපුරාලීම ඊට අයත්.

මෙම සංශෝධන අද සිට වසර 02 ක කාලයක් සඳහා බලාත්මක බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »