
සමාජ, ප්‍රජා, home care සහ ආබාධිත සේවා ක්ෂේත්‍රවල සේවකයෙකුට ගෙවිය යුතු අවම පැය ගණනෙහි වෙනසක් අද සිට සිදුවනවා.
අනියම් home care සේවකයින් සඳහා, ලබා දිය යුතු අවම සේවක පැය ගණන පැයේ සිට දෙක දක්වා වැඩි වන අතර, ඔවුන් ආබාධිත සේවා කටයුතු කරන විට හැර අර්ධ-කාලීන සේවකයින් සඳහා පැය තුනක් දක්වා වැඩිවනවා.
Fair Work කොමිසමට අනුව අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම සඳහා වන ඉහළ ආදායම් සීමාව අද සිට ඩොලර් 158,000 සිට ඩොලර් 162,000 දක්වා ඉහළ යනු ඇති.

අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීමේ නඩුවකදී Fair Work කොමිසම විසින් නියෝග කළ හැකි උපරිම වන්දි මුදල ද අද හෝ ඊට පසුව සිදුවන සේවයෙන් පහකිරීම් සඳහා $81,000 දක්වා වැඩිවනවා.
එය පෙර වසරට වඩා $2,000ක වැඩිවීමක්.
