
අද සිට ඔස්ට්‍රේලියාවේ සිටින මිලියන 2.7ක අඩු ආදායම්ලාභී සේවකයන්ට වැටුප් වැඩිවීමක් හිමිවනවා.
ඉහළ යන උද්ධමනය ජනතාවගේ එදිනෙදා වියදම් මත පීඩනයක් ඇති කරන බැවින් ඔස්ට්‍රේලියාවේ ජාතික අවම වැටුප 5.2% කින් වැඩි කිරීමට Fair Work කොමිසම පසුගිය ජුනි 15 දින තීන්දු කලා.
ඒ අනුව නව වැටුප පැයකට ඩොලර් 20.33 සිට පැයකට ඩොලර් 21.38 ක් දක්වා ඉහළ යනවා.

පූර්ණ කාලීන සේවකයෙකු සඳහා පැය 38 ක සතියක් මත පදනම්ව එය සතියකට ඩොලර් 40 ක සතිපතා වැටුප් වැඩිවීමක්.
මේ අතර අද සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 10 කට වඩා වැඩි පිරිසකට ඩොලර් 420ක ජීවන වියදම් බදු සහනයක් ලැබෙනු ඇති.

සුදුසුකම් ලත් අඩු සහ මධ්‍යම ආදායම් ලබන්නන්ට තනි ආදායම් ලබන පවුලක් සඳහා ඩොලර් 1,500 දක්වා හෝ ද්විත්ව ආදායම් ලබන පවුලක් සඳහා $3,000 දක්වා හිමිවනවා.