
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සුවෙන් පසුවන බව ඔහුගේ මාධ්‍ය ඒකකය තහවුරු කරනවා.
රාජපක්ෂ මහතා රෝහල්ගත වූ පුවත අසත්‍යයක් බවයි ඔහුගේ මාධ්‍ය ඒකකය සදහන් කලේ.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් කරමින් අද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් අප හිටපු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙලෙස පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
හිටපු අග්‍රාමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වය පසු වන බවත් ඔහුගේ දෛනික රාජකාරි කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවත් ඔහු තහවුරු කළා.

https://twitter.com/CassilingamG/status/1542409243361513472?s=20&t=Wf11k9siYcgg9T0b0sOhpA
https://twitter.com/CitizenChecked/status/1542418552082370561?s=20&t=Wf11k9siYcgg9T0b0sOhpA