දකුණු ඕස්ට්‍රේලියාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් තම ප්‍රාන්තයට පිළිගැනීමට සූදානම්!
South Australia ready to ‘welcome people from NSW with open arms’
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් සඳහා තම දේශ සීමා විවෘත කිරීම ගැන නිශ්චිත තීරණයකට එළඹෙන්නේ අද දින නිව් සවුත් වේල්ස් හි වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන අනුව බව යි වාර්තා වන්නේ.
ඒ අනුව, NSW හි අද දින ප්‍රජා සම්ප්‍රේෂණ කොරොන වයිරස් රෝගීන් වාර්තා නොවුවහොත්, මධ්‍යම රාත්‍රියේ සිට NSW වැසියන්ට තවදුරටත් නිරෝධායනයකට භාජනය වීමට අවශ්‍ය නොවේ.
“නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අසාමාන්‍ය ලෙස හොඳින් කටයුතු කර ඇති අතර, අද මධ්‍යම රාත්‍රිය වන විට මාස ගණනක් තිස්සේ වසා දමා ඇති NSW දේශ සීමාව නැවත විවෘත වනු ඇති බවට අපට විශ්වාසයි. නිව් සවුත් වේල්ස් හි ජනතාව සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා” දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall මහතා අද පැවසීය.