නම වෙනස් කරන මෙල්බන් නාගරිකයේ අලුත් නම එළියට

මෙල්බන් Moreland නගර කවුන්සිලය විසින් සිය නව නාමය ලෙස ස්වදේශික වදනක් වන “Merri-bek”තෝරා ගනු ඇති බවට වාර්තා පළවනවා.

පාෂණාමය කලාපය යන අරුත දෙන එම වදන සඳහා පසුගියදා පැවති ඡන්ද විමසීමේදී ප්‍රදේශවාසීන් බහුතරයක් කැමැත්ත පළකර තිබුණා.

නේවාසිකයන් 6315 දෙනෙකු අතුරින් සියයට 59 ක් පමණ එම නාමයට කැමැත්ත පලකර ඇතැයි සඳහන්.

Moreland යන නම ජැමෙයිකානු වහල් සංස්කෘතියට අයත් බවට හෙළිවීමත් සමගයි එය වෙනස් කල යුතු බවට සමාජය තුළ දැඩි කථාබහක් නිර්මාණය වූයේ.

මෙල්බන් නගර කවුන්සිලයේ නව යෝජනාව සම්බන්ධයෙන් ඇබොරිජින් ඇතුල ආදිවාසින් විසින් ප්‍රසාදය පළකර තිබුණා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »